අයගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පිළිබඳ කෙටි හැඳින්වීමක්
උඩ පත්තුව,මැද පත්තුව,පල්ලෙපත්තුව වශයෙන් බෙදී තිබූ කුකුළු කෝරළය, දේශීය ආදායම් කොට්ඨාශයක් වශයෙන් නිදහස ලබන්නටත් පෙර සිටම පරිපාලන කොට්ඨාශයක් වශයෙන් නම් කර ඇත.උඩ පත්තුව හා මැද පත්තුව කලවාන වශයෙන්ද,පල්ලෙපත්තුව අයගම වශයෙන්ද හැඳින්විණි.මෙය පහසුකම් වලින් හිඟ දුෂ්කර ප්‍රදේශයක් විය.
දේශීය ආදායම් නිළධාරී කොට්ඨාශ,උප දිසාපති කොට්ඨාශ බවට පත් කිරීමේ රජයේ ප්‍රතිපත්ති යටතේ පසුව කුකුළු කෝරළයේ ප්‍රාදේශීය ආදායම් නිළධාරී කොට්ඨාශය කලවාන උප දිසාපති කොට්ඨාශය බවට පත් විය.කලවාන උප දිසාපති කොට්ඨාශය නැවත බෙදා වෙන් කිරීම යටතේ 1976 ජුනි 17 වන දින සිට අයගම උප දිසාපති කොට්ඨාශය වශයෙන් ස්ථාපනය විය.පසු කලෙකදී අතිරේක උප දිසාපති කොට්ඨාශය බවටත් ඉන් පසුව අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බවටත් පත් විය.
ඉංග්‍රීසි පාලන යුගයේදී අයබදු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් මෙම ප්‍රදේශය භාවිතා කර ඇති බැවින් අයගම යන නම ලැබී ඇතැයි ජනප්‍රවාදයේ පවතී.
පිහිටීම
රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර සීමාවට වන්නට පිහිටි අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරට කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හා කළු ගඟෙනුත්,නැගෙනහිරට ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනුත්,දකුණට කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනුත්,බස්නාහිරට බස්නාහිර පළාතෙනුත් මායිම්ව පිහිටා ඇත.
බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මී. 151 ක් වන අතර හෙක්ටයාර 15170 ක් වේ. විශාලත්වය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරින් 11 වන ස්ථානය හිමි කර ගනී.
භූ විෂමතාවය
ප්‍රාග් කේම්බ්‍රිය යුගයට අයත් හයිලන්ඩ් ශ්‍රේණියට ගැනෙන,මුහුදු මට්ටමේ සිට මීටර් 20 සිට 1400 දක්වා උස් කඳු මුදුන් සහිත ප්‍රදේශයකි.උතුරේ සිට දකුණට විහිදෙන බෑවුම් සහිත කඳුවැටි බටහිර,නැගෙනහිර දක්වා දැකිය හැකි අතර මධ්‍යම තීරයේ කුඩා තැනි තලාවකි.පොදුවේ ගත් කළ බෑවුම් සහිත ප්‍රදේශයකි.
ජල වහනය
බෑවුම් සහිත ප්‍රදේශයක් බැවින් කඳු බෑවුම් අතරින් ගලන විවිධ ජල වහන රටා දැකිය හැකි අතර, ශාඛීය ජල වහන රටාව ප්‍රධාන වේ.උතුරු මායිමෙන් කළු ගඟත්,මධ්‍යෙයන් ගලා බසිනා (වසම් වලදී එම වසමේ නමින් හඳුන්වනු ලබන) ගලතුර ගඟද ජල වහනයේදී ප්‍රධාන තැනක් ගනී.
පස
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන පස් වර්ග වන ,
දේශගුණය
නිරිත දිග තෙත් කලාපයට අයත් බැවින් වර්ෂය මුළුල්ලේම තෙත් කලාපීය දේශගුණයක් දක්නට ඇත.වසරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27.7 කි.උපරිම සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32.29 ක්ද ,අවමය සෙන්ටිග්‍රේඩ් අංශක 23.15 ක් ද වේ.
වර්ෂාපතනය
රටා 3 කි.
වාර්ෂික වර්ෂාපතනය මි.ලී.4000 ඉක්මවයි.නිරිත දිග මෝසම් සුළං මගින් වැඩි වර්ෂාපතනයක් ලැබේ. මැයි සිට සැප්තැම්බර් කාලය නිරිත දිග මෝසමට අයත්ය.නිරිත දිග මෝසම් වැසි අවසාන වත්ම සංවහන වැසිද අනතුරුව ඊශාන වැසිද එළඹේ.වර්ෂයේ පෙබරවාරි මාසයේදී අඩු වර්ෂාපතනයක් ලැබේ.
Copyright © 2022. PRADESHIYA SABHA Developed by CIS WORLD